පෘථිවියේ වායු ගෝලයෙන් 99.9% පමණ නයිට්රජන්, ඔක්සිජන් හා ආර්ගන් වායුවලින් සමන්විත ය. මෙම වායු වර්ග තුනටම අධෝරක්ත කිරණ උරා ගත නොහැකි ය. අධෝරක්ත කිරණ උරා ගැනීමට නම් අදාළ වායුවට නිත්‍ය ද්විධ්‍රැව ඝූර්ණයක් තිබිය යුතු ය.
එසේ නැතහොත් අදාළ වායුවේ පරමාණු කම්පනය වන විට එහි ද්විධ්‍රැව ඝූර්ණය වෙනස් විය යුතුයි. මෙම අවශ්‍යතා දෙකෙන් එකක් හෝ සතු වූ වායුවලට අධෝරක්ත කිරණ උරාගත හැකි ය. එනම් එවැනි වායුවලට හරිතාගාර වායුවක් ලෙස ක්‍රියා කළ හැකි ය. නයිට්රජන්, ඔක්සිජන් යන වායු සම පරමාණුක වායු වන බැවින් ඒවාට ද්විධ්‍රැව ඝූර්ණයක් නැත.
එම අණු කම්පනය වන විට ද (බන්ධන ඇදෙන විට සහ හැකිළෙන විට නැවෙන විට) ද්විධ්‍රැව ඝූර්ණයේ වෙනසක් සිදු නොවෙයි. එම නිසා එම ද්වි පරමාණුක වායු හරිතාගාර වායු ලෙස ක්‍රියා නොකරයි. ආගන්වල බන්ධන නැති හෙයින් එය කොහෙත්ම හරිතාගාර වායුවක් නොවේ. නමුත් විෂම ද්වි පරමාණුක අණු වන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රික් ඔක්සයිඩ් හරිතාගාර වායු ලෙස ක්‍රියා කළ හැකි ය.