වාතයේ සංයුතිය
වායුගෝලය තුළ වාතයේ සංයුතිය පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 78% නයිට්රජන් ද, 21% ඔක්සිජන් ද, 0.9% ආර්ගන් ද, 0.04% ක් කාබන් ඩයොක්සයිඩ් ද ඇත. ඒවා වායුගෝලයේ අඩංගු ප්‍රධාන සංඝටක ලෙස සැලකේ. ඊට අමතරව අංශු මාත්‍ර සංඝටක ලෙස Ne, He, CH4, H2, N2O, CO, NH3 වැනි වායු ද ඇත. ඊට අමතරව ජලවාෂ්ප ද ඇති අතර ජලවාෂ්ප සංයුතිය ඒකාකාරව ව්‍යාප්ත වී නැත. සාගර හා විශාල ජලාශ ආසන්නව ජලවාෂ්ප ප්‍රතිශතය වැඩි ය.
මිනිස් ක්‍රියාකාරකම් හා ස්වභාවික සංසිද්ධි හේතු කොට ගෙන වායු ගෝලයේ සංයුතිය සැලකිය යුතු ලෙස වෙනස් වීම වායු දූෂණය ලෙස හැඳින්වේ. මෙම වායු සංයුතිය අහිතකර ලෙස වෙනස් කිරීමට දායක වන වායුමය සංඝටක වායු දූෂක ලෙස හැඳින්වේ.