ගෝලීය පාරිසරික ගැටලු කිහිපයක්
 1. පෘථිවි වායුගෝලයේ හරිතාගාර වායුවල සංයුතිය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම ඉහළ යාම.
2. ඕසෝන් වියන තුනී වීම.

මීට අමතර ව වායුගෝලය සම්බන්ධව ඇති වන අම්ල වැසි ඇති වීම සහ ප්‍රකාශ රසායනික ධූමිකාව ප්‍රධාන පාරිසරික ගැටලු දෙකකි.

මෙවැනි ගෝලීය පාරිසරික ගැටලු තනි තනි රටවලට විසඳිය නොහැකි ය. යම් රටක්, පරිසරයට කරන අහිතකර ක්‍රියාවල ප්‍රතිඵල වෙනත් රටකට ඉතා ලෙස බලපෑ හැකි ය. චීනය, ඇමෙරිකාව වැනි කාර්මික රටවල් අධික ලෙස සිදුකරන හරිතාගාර වායු විමෝචනය හේතුකොට ගෙන පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් වන්නේ වෙනත් රටවල ජනයා ය.
(c) Shilpa Sayura Foundation 2006-2017