ගෝලීය පාරිසරික ගැටලු ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට සිදුවන අහිතකර බලපෑම් හේතුවෙන් හටගනී. වායු ගෝලය මුළු පෘථිවිය පුරාම පොදුවේ සංතතිකව පැතිර පවතී. එනම් වායුගෝලයේ සංයුතියට සිදුවන යම් ප්‍රමාණාත්මක බලපෑම් මගින් පෘථිවියේ ඇති සියලු රටවල මිනිසුන්ට සතුන්ට හා ශාක ප්‍රජාවට අහිතකර ප්‍රතිඵල ඇති වෙයි.
වායු ගෝලය අප පෘථිවියට පැමිණෙන සූර්ය කිරණ සඳහා පෙරනයක් ලෙස ද ක්‍රියා කරයි. මෙහි දී වායු ගෝලීය සංයුතියේ සිදුවන යම් වෙනස්කම් හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන අහිතකර කිරණ ද පෘථිවි පෘෂ්ඨයට ළඟා වීමෙන් ජීවයේ පැවැත්මට හානි සිදුවිය හැකි ය.