මෙමගින් භූමි පරිහරණය ඉතා වේගයෙන් ඉහළ ගියේය. මහා පරිමාණ වගාකිරීම් ඇරඹිණි. මේ උදෙසා වැසි වනාන්තර ඇතුළු වනාන්තර එළිපෙහෙළි විය. එසේ ම පරිසරයේ ජල සමතුලිතයට මහෝපකාරී වන තෙත් බිම්වලින් ජලය ඉවත්කර එම තෙත් බිම් වගාවට යොදා ගැනුණේ ය. එසේ ම වියළි භූමි ජල සම්පාදනය මගින් වගා බිම් බවට පරිවර්තනය කළහ.
වල්නාශක, කෘමිනාශක භාවිත කිරීමෙන් ජෛව ගෝලයේ විවිධත්වයට සහ පසේ සිදුවන ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයට බාධා කිරීම් අධික විය. ශාක පෝෂක (පොහොර) භාවිතය නිසා පසේ සිදුවන කැටඅයන හුවමාරුවට, ක්ෂුද්‍ර ජීවීක්‍රියාකාරිත්වයට, අයන සංයුතියට හා ව්‍යුහයට අධික ලෙස බලපෑම් එල්ල විය. එසේ ම මෙම ශාක පෝෂක වියෝජනයෙන් පිට වූ වායුන් වායු ගෝලය දූෂණයට හේතු විය. එසේ ම එම ශාක පෝෂක හා කෘෂි රසායන ජල මූලාශ්‍රවලට එක්වීමෙන් සුපෝෂණය වැනි ක්‍රියාවලි සිදු වී ජලය ද දූෂණය විය.