බලංගොඩ ප්‍රදේශයේ වර්තමාන මානවයකයා, නිවාස සෑදීමට පරිසරයෙන් විවිධ ඛනිජ පාෂාණ විශාල වශයෙන් ලබාගනී. පරිසරය මෙතෙක් හඳුනා නොගත් සිමෙන්ති, බහුඅවයවික තීන්ත වර්ග පරිසරයට එකතු කරයි. මෙම ද්‍රව්‍ය සමඟ ගනුදෙනු කරන ආකාරය පරිසරය නොදනී. එනිසා ඒවා පරිසරයේ විවිධ චක්රවල යම් යම් ස්ථානවල අධික ලෙස එක් රැස් වීමට පටන් ගනී. එසේ ම යකඩ, ඇලුමීනියම් වැනි ලෝහ භාවිතය මගින් ඔහු ඒවා පරිසරයෙන් අධික ව උකහා ගනී.
පරිසරය මෙම ද්‍රව්‍ය සමඟ ගනුදෙණු කරන ආකාරය දැන සිටියත් ඉතා අධික ප්‍රමාණ සමඟ ගනුදෙනු කරන ආකාරය නොදනී. එනිසා ද එම ද්‍රව්‍ය පරිසරයේ අධික ලෙස එක්රැස් වී මෙම ලෝහ නිස්සාරණයට අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය කරයි. ඛනිජ නිධි හෑරීම සහ විවිධ පිරිසිදුකාරක භාවිතය හරහා ඇළ දොළ හා පස දූෂණය කරයි.
ඔහු තම ආහාර ද්‍රව්‍ය පරිසරයෙන් කෙළින්ම ලබාගැනීම වෙනුවට වගා කිරීම සිදු කරයි. මේ සඳහා භූමියේ වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රභව විනාශ කරයි. පස සොදා යාම් ආදිය නිසා පසේ සංයුතිය වෙනස් කරන අතරතුර ඇළදොළවලට අධික ඛනිජ එක්කරයි.
ඔහු පරිසරයේ ස්වභාවිකව වගා කරනු වෙනුවට රසායනික පොහොර, පළිබෝධනාශක ආදිය යොදා ගැනීම නිසා වායු ගෝලය, පස (ශිලා ගෝලය) සහ ජලය (ජල ගෝලය) දූෂණය කරයි. පළිබෝධ නාශක හේතුවෙන් ජෛව ගෝලයට ද හානි පමුණුවයි.
ඔහුගේ සුඛෝපභෝගි ජීවිතය පවත්වා ගැනීමට විවිධ ඇඳුම් භාවිත කරයි. මෙම ඇඳුම් නිෂ්පාදනයේ දී ඉතා අධික ලෙස ජලය සහ වායු ගෝලය දූෂණයට ලක්වෙයි. ඔහුගේ ප්‍රවාහන සහ වෙනත් ශක්ති අවශ්‍යතා සපුරාගැනීමට අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය කරයි. මෙමගින් වායුගෝලයට ඉතා අධිකව කාබන් ඩයොක්සයිඩ් එක්කරයි.
අධික වේගයෙන් එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත ඉවත් කිරීමට හැකි වේගවත් යාන්ත්‍රණයක් පරිසරයේ නැත. ඔහුගේ සුඛ විභරණයට ශීතකරණ, වායු සමීකරණ ආදිය භාවිත කරයි. එමගින් CFC වැනි අහිතකර වායු එක්කරයි. මෙම වායු ගෝලීය පරිසර උෂ්ණත්වය ඉහළ දැමීමට සහ ඕසෝන් වියන තුනී කිරීමට දායක වෙයි.
වෙනත් ආකාරයෙන් කියන්නේ නම් ඔහු උපන් දා සිට මියෙන තුරුම පරිසරයට විවිධ බලපෑම් සිදුකරයි. මෙවැනි මානවයන් බිලියන හතකට අධික ප්‍රමාණයක් අද මෙම පෘථිවියේ වාසය කරයි. ඔවුන් සියල්ලෝම අඩු වැඩි වශයෙන් ඉහත අහිතකර ක්‍රියා පරිසරයට සිදුකරයි.
මෙම අහිතකර පාරිසරික බලපෑම් සියල්ල ඇති වූයේ කාර්මීකරණය සමඟ ය. කාර්මික විප්ලවයත් සමඟ ය.