මීට වසර 20,000 - 40,000 පමණ ඉහත ලංකාවේ ජීවත් වූ බලංගොඩ මානවයා ලෙස හැඳින්වෙන ප්‍රාග් ඓතිහාසික මානවයාට ජීවත්වීමට අවශ්‍ය වූයේ ආහාර පමණී. එය ද, දඩයමේ ගොස් හෝ කෙළින් ම එකතු කර ගත් ශාක හා සත්ත්ව ද්‍රව්‍යයයි. ඔහු ඇඳුම් ඇදි බව වාර්තා වී නැත. ඇඳුම් ඇන්දේ නම් ඒ කොළ අතු හෝ ශාක පොතු වැනි පරිසරයෙන් කෙළින්ම ලබාගත් ද්‍රව්‍ය පමණී. ගින්දර භාවිත කළ බවට සාක්ෂි ඇතත්, ඒ ඉතා සුළු වශයෙනි.
ඔවුහු ගොවිතැන් නොකළහ. නිවාස ලෙස ගල් ගුහා යොදා ගත්හ. ඒවා ද ස්වභාවයේ තිබූ ආකාරයෙන් ම මිස කිසිම වෙනසකට බඳුන් නොකර භාවිත කර තිබුණි. ඔවුහු මියගිය පසු සිරුර කෙළින්ම පරිසරයට එක් වී පරිසරයට උචිත ආකාරයට දිරාපත් විය.
බලංගොඩ මානවකයාගේ ජීවිතය පරිසරයට ම ඒකාබද්ධ වූ පාරිසරික ජීවිතයකි. ඔහුගෙන් පාරිසරික චක්‍රවල සමතුලිතතාවට කිසිදු බලපෑමක් එල්ල නොවුණි. ඔහු කාබන් චක්‍රයේ, නයිට්රජන් චක්‍රයේ ඔක්සිජන් චක්‍රයේ තවත් එක් ජෛව ගෝලීය කොටසකි.