නිදසුනක් ලෙස ජෛව ගෝලයට අයත් ජීවීන් වායුගෝලයෙන් ඔක්සිජන් වායුව ද, ජල ගෝලයෙන් ජලය ද, ශිලා ගෝලයෙන් ඛනිජ ද්‍රව්‍ය ද ලබාගෙන පරිවෘත්තීය ක්‍රියා සිදු කරයි. මෙහි ප්‍රතිඵල වශයෙන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව ද ජල ගෝලයට බහිස්ස්‍රාවී අපද්‍රව්‍ය ද එක් වෙයි.
එසේ ම ජල ගෝලයේ ජලය වාෂ්ප වීමෙන් වායු ගෝලයට එක්වන අතර වර්ෂාව, හිම පතනය ආදී ක්‍රියා මගින් එම ජලය නැවත වායු ගෝලයෙන් ශිලා ගෝලයට එක් වෙයි. එමෙන් ම වායුගෝලයේ ඇති ඔක්සිජන් වායුව ජල ගෝලයේ දියවීම මගින් සියලු ජලජ ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයයි. ප්‍රභාසංශ්ලේෂණය මගින් ජලජ ශාක, මෙම ඔක්සිජන් නැවත වායුගෝලයට ලබා දෙයි.
ශිලා ගෝලයේ ඇති ඛනිජ ද්‍රව්‍ය, ලවණ ආදිය ජල ගෝලයේ දියවීම නිසා එම ඛනිජ ජල ගෝයට එක් වේ. එසේ ම ජල ගෝලයේ පවතින දිය වූ ඛනිජ අවක්ෂේපණය සහ යම් යම් සත්ත්ව ක්‍රියාකාකම් නිසා නැවත ශිලා ගෝලයට එක්වෙයි. (කොරල් සහ ලවණ තැන්පත් වීම).
ප්‍රභාසංශ්ලේෂණය නිසා වායු ගෝලයෙන් ජෛව ගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ් කාබනික ද්‍රව්‍ය ලෙස ශිලා ගෝලයට එක්වී එහි දී සිදුවන වියෝජන ක්‍රියාවලි මගින් නැවත වායු ගෝලයට වක්‍රාකාරයෙන් එක්වෙයි.