පරිසරය සහ පාරිසරික විද්‍යාව
 සියලුම ජීවීන්, ඔවුන් ජීවත් වන වටපිටාව ජීවීන් හා වටපිටාව අතර සිදු වන අන්තර් ක්‍රියා පරිසරය ලෙස හැඳින්විය හැකි ය. අධ්‍යයනයේ පහසුව සඳහා පරිසරය විවිධ කොටස්වලට වර්ගීකරණය කරයි. එක් ජනප්‍රිය වර්ගීකරණයක් වන්නේ එය විවිධ ගෝල ලෙස වර්ගීකරණය කිරීමයි.

1. ජල ගෝලය - ජලය හා ඒ ආශ්‍රිත පරිසරය
2. ශිලා ගෝලය - භූමිය ආශ්‍රිත එනම්, පස, පාෂාණ, ඛනිජ ආශ්‍රිත පරිසරය
3. වායුගෝලය - පෘථිවි පෘෂ්ඨය වටා ආවරණයක්ව පවතින වායු ආශ්‍රිත පරිසරය
4. ජෛව ගෝලය - සියලුම ජීවීන් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අයත් වන පරිසරය

අධ්‍යයනයේ පහසුවට වර්ගීකරණය කළත් මෙම ගෝල එකිනෙකින් වෙන් වී තනි තනිව නොපවතින අතර ඒවා එකිනෙක අතර නිරන්තර අන්තර් ක්‍රියා සිදුවෙමින් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017