ක්‍රි.ව. 252-254
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 02)
සංඝතිස්ස රජුගේ මරණින් පසු සංඝබෝධි හෙවත් සිරිසඟබෝ කුමරතෙම රාජපදප්රාප්තිය විය. හෙතෙම අධික භක්ති ඇති රජෙක් රජෙක් විය. වධයට නියම වූ සොරුන් නුවර සිරගෙට ගෙනා කල රජ තෙමේ ඔවුන්ට අවවාද කොට රහසින් නිදහස්කර යවා රෝගයෙන් මැරුණා වූ මිනිසුන්ගේ මළ සිරුරු රහසින් ගෙන්වා සොරුන්ට දියයුතු දඬුවම මළමිනි වලට කරවීය. සිරිසඟබෝ රජු දෑවුරුද්දක් රජ කළ පසු රජහුගේ ඇමති වූ ගෝඨාභය කුමාරයා දාමරිකව රාජ්‍යය ගන්ට යුද්ධාරම්භ කෙළේය.
ගෝඨාභය කුමාරයා තමන්ට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් බව අසා මේ රාජ්‍යයෙන් මට කවර ඵලයක් ද රාජ්‍යය කැමැත්ත වූ හටම වේවයි සිතා කිසිවක්හට නොදන්වා පෙරහන්කඩ පමණක් ගෙන කිසිකෙනෙකුන් විසින් නොහඳුනනු ලබන්නා වූ වෙස් ගෙන දකුණු දිග වාසල් දොරින් නික්ම මායා රටට යන්නේ ක්‍රමයෙන් ගොස් අත්තනගලු නම් වූ වනයට පැමිණියේය. මේ වනය මට තපෝ වනය වන්ට සුදුසු යයි සිතා චිත්ත විවේකය ලැබීමෙන් එකඟ වූ සිත් ඇතිව මෛත්‍රි භාවනාවෙහි යෙදෙමින් වාසය කෙළේය. සිරිසඟ බෝ රජු රාජ්‍යය හැරදමා ගිය කල්හි ගෝඨාභය කුමාර තෙම රජවිය.
