දෙවන කොටස
 ශ්‍රී ලංකාවේ එප්පාවල පිහිටි ඇපටයිට් නිධිය ආශ්‍රිතව පොස්පේට් ද්‍රව්‍යය ටොන් මිලියන 60 අධික යැයි තක්සේරු කර ඇත. මෙහි ඇති පොස්පරස් ප්‍රමාණය P2O5 ලෙසට සැලකූ විට 30% කට අධික ය. ඇපටයිට් ආශ්‍රිතව F හා Cl හැලජනද ඇත. එප්පාවල ඇපටයිට් නිධියේ හැලජන් වර්ග දෙකෙන් වැඩිපුර ඇත්තේ F (F=2.4%, Cl=1.9%) ය. රිදීගම ඇපටයිට් නිධියේ වැඩිපුරම ඇත්තේ මෙම හැලජන් වර්ග දෙකෙන් Cl ය.

යම් රටක පොස්පේට් ඛනිජය පැවතුනත් එම රට තුළ දේශීයව H3PO4 හෝ H2SO4 අම්ල නිෂ්පාදනය නොකරයි නම් එම අම්ල අපනයනය කිරීමට සිදු වේ. විශේෂයෙන් ම H2SO4 හි මිල අධික නිසා සුපර් පොස්පේට් නිපදවීම ආර්ථිකමය වශයෙන් සීමාකාරී සාධකයකි. ලංකාවේ වුවද ඇපටයිට් නිධි තිබුණ ද දේශීය ව H2SO4 හෝ H3PO4 නිෂ්පාදනය නොවන නිසා SSP හෝ TSP නිපදවීම කෙරේ ඇත්තේ අඩු නැඹුරුතාවකි.
(c) Shilpa Sayura Foundation 2006-2017