ශාක වර්ධනයට අවශ්‍ය පොස්පරස් සංයෝග ලබාදීම පිණිස පොස්පේට් පොහොර නිෂ්පාදනය කෙරේ. මෙම ක්‍රියාවලියේ අමුද්‍රව්‍ය ලෙස ඇපටයිට් ඛනිජය යොදා ගනී. රසායනික සංයුතිය අනුව ඇපටයිට් ආකාර තුනකි.
* ක්ලෝරො ඇපටයිට් Ca5 (PO4)3Cl
* ෆ්ලෝරො ඇපටයිට් Ca5 (PO4)3F
* හයිඩ්‍රොක්සි ඇපටයිට් Ca5 (PO4)3OH
මෙම ඇපටයිට්වල ජල ද්‍රාව්‍යතාව ඉතා අඩු ය. නිදසුන් ලෙස ෆ්ලොරො ඇපටයිට්වල ජල ද්‍රාව්‍යතාව ස්කන්ධය අනුව 0.4% කි. මෙ නිසා ඇපටයිට් පොහොර කෙටිකාලීන බෝග වගාවට පොහොරක් ලෙස භාවිතයට යෝග්‍ය නොවේ.
ඇපටයිට් ඛනිජය කුඩු කර අම්ල එක් කිරීම මගින් ජල ද්‍රාව්‍යතාව වැඩි කළ හැකි ය. සල්ෆියුරික් අම්ලය එක් කිරීමෙන් සින්ගල් සුපර් පොස්පේට් (SSP) ලෙස හඳුන්වන පොස්පේට් පොහොර නිපදවයි. පොස්පරික් අම්ලය එක් කර නිපදවන පොහොර ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) ලෙස හඳුන්වයි.
පොහොරවල අඩංගු පොසිපරස් ප්‍රමාණය ඉදිරිපත් කරන්නේ P2O5 ලෙසයි. සල්ෆියුරික් එක් කිරීමෙන් ලබාගන්නා SSP හි ඇති පොස්පරස් ප්‍රමාණය P2O5 ලෙසට 16-21% පමණ වේ. පොසිපරික් අම්ලය එක් කිරීමෙන් ලබා ගන්නා TSP හි පොස්පරස් ප්‍රමාණය P2O5 ලෙසට 43-48% කි.