ග්ලිසරෝල් තුළ මෙතනෝල් උත්ප්‍රේරක හා සුළු ප්‍රමාණයකින් ජෛව ඩීසල් ඇත. මෙම අපද්‍රව්‍ය ඉවත් කර ග්ලයිසරෝල්වල සංශුද්ධතාව වැඩි කිරීම සිව් වන පියවරයි.
ජෛව ඩීසල් තුළ මෙතනෝල් ඉවත් කිරීමට රත් කෙරේ. එවිට මෙතනෝල් වාෂ්පීකරණය වේ. එම වාෂ්පය ඝනීභවනය කර නැවත මෙතනෝල් ලබාගනී. උත්ප්‍රේරකය ඉවත් කිරීමට තනුක H2SO4 මඟින් සෝදා හරී. ඉන්පසු තවදුරටත් ජලයෙන් සෝදන විට ඉතිරි වී ඇති මෙතනෝල් හා ග්ලිසරෝල් ජලයේ දියවීම නිසා ජෛව ඩීසල් පිරිපහදු වේ.
ඒ සඳහා ඩීසල් තුළින් ජලය බුබුලනය කරයි. එවිට ජෛව ඩීසල් තුළ වූ ග්ලයිසරෝල් ජලය තුළ දිය වේ. අවසානයේ දී ජෛව ඩීසල් තුළ ජලය ඉවත් කිරීමට තෙත් ජෛව ඩීසල් වියළයි.