ජෛව ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය
  මේ ආශ්‍රිතව මූලික පියවර කිහිපයකි.
1. තෙල්වල නිදහස් මේද අම්ල හා වෙනත් අපද්‍රව්‍ය ඇතිනම් ඒවා ඉවත් කිරීම.
2. ට්‍රාන්ස්එස්ටරීකරණ පියවර.

මෙහි දී ට්‍රයිග්ලිසරයිඩ් හා මෙතනෝල් මිශ්‍ර කරයි.
මෙතනෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් හෝ ජෛව ඩීසල් මිශ්‍ර නොවී වෙන් වූ ද්‍රව කලාප දෙකක් ලෙසම පවතී. ප්‍රතික්‍රියාව සඳහා වැඩිපුර මෙතනෝල් එක් කරයි. එනිසා ට්‍රයිග්ලිසරයිඩ් වලින් වැඩි ප්‍රමාණයක් ජෛව ඩීසල් බවට පත්වේ. ග්ලයිසරෝල් සමඟ වැඩිපුර මෙතනෝල් මිශ්‍ර වී ඇත. ඝනත්වය වැඩි ග්ලිසරෝල් පහළ ස්තරය වේ.

ඝනත්වය අඩු ජෛව ඩීසල් ග්ලිසරෝල් මත ඉහළ ස්තරය ලෙස ස්තර වෙන් වේ. මෙතනෝල් වල තාපාංකය 680C නිසා මෙම ප්‍රතික්‍රියාව සිදුකරන උෂ්ණත්වය 680C ට අඩු විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017