පෙට්‍රෝලියම් ඉන්ධන පුනර්ජනනය නොවන සම්පතක් නිසා එය ක්ෂය වීම නිශ්චිත වීම හා එම ඉන්ධන දහනය නිසා වායුගෝල CO2 ප්‍රමාණය ඉහළ යෑම මගින් ගෝලීය උණුසුම වැඩි වීම ඇතුළු විවිධ පාරිසරික ගැටලු මතු වේ. අද පුනර්ජනනය වන ඉන්ධන ලෙස ජෛව ඩීසල් නිපදවීම කෙරේ අවධානය යොමු වී ඇත. විකල්ප ඉන්ධනයක් ලෙස ජෛව ඩීසල් කෙරේ අවධානය යොමු වීමට හේතු කිහිපයකි.
1. දේශීය වශයෙන් නිපදවිය හැකි වීම. 2. වායුගෝලීය CO2 වැඩි කිරීමට දායක නො වීම.
3. දහනයේ දී වායුගෝලයට SO2 නිදහස් නොකිරීම.
4. පුනර්ජනනීය සම්පත් යොදා ගැනීම.
5. නිපදවීම සාපේක්ෂව සරල වීම.
6. දැනට පවතින ඩීසල් එන්ජිමට භාවිත කිරීමට හැකිවීම.
පෙට්‍රෝලියම් ඩීසල් හා සසදන විට දී ජෛව ඩීසල්වල යම් අවාසිදායක ලක්ෂණ ද ඇත. මෙම අවාසිදායක ලක්ෂණ මගහැරීමට අවශ්‍ය ක්‍රමෝපාය පිළිබඳ ව අප අවධානය යොමු කළ යුතු ය.
මෙහි අවාසි
1. ශාක තෙල් ලබාගැනීමට මහා පරිමාණ වතු වගාවන්ට යොමු වීම නිසා කෘෂිකර්මාන්තයට ප්‍රයෝජනවත් ඉඩම් සීමා වීම.
2. කල් ගත වන විට ජීව ඩීසල් ආශ්‍රිත දිලීර විශේෂ වැඩීමට ඇති නැඹුරුව
3. නිෂ්පාදන ක්‍රියාවලිය අනුව ජීව ඩීසල් ආශ්‍රිතව ජලය තිබීමේ ඉඩකඩක් තිබීම
4. එන්ජිම ආශ්‍රිත රබර් හෝස්වලට ජීව ඩීසල් මගින් හානි පැමිණීම
5. ජෛව ඩීසල් දහනයේ දී සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් නයිට්‍රජන් ඔක්සයිඩ් සෑදීම.
6. ශාක තෙල් මිල ඉහළ නිසා ම ජෛව ඩීසල් මිළ ද පෙට්‍රෝලියම් ඩීසල්වලට වඩා වැඩි වීම.