තීන්ත ද්‍රාවණයේ බහු අවයවික අණු එකිනෙක සමඟ රසායනික බන්ධනවලින් බැදී නැත. ඇතැම් තීන්ත ද්‍රාවණ මගින් තෙත් තීන්ත පටලයක් නිර්මාණය කළ විට දී බහු අවයවික අණු අතර රසායනික බන්ධන (හරස් බන්ධන) ඇතිවෙමින් ජාලාවක් බවට පත්වේ. එම පටලය නිර්මාණය වන අතරතුර ද්‍රාවකය වාෂ්පීකරණය වීම ද සිදු වේ. මෙම ජාලාවේ අණු එකිනෙක බැඳී ඇති නිසා එය ශක්තිමත් වියළි පටලයක් බවට පත්වේ.
මෙම රසායනික ප්‍රතික්‍රියා සිදුවිය හැකි ක්‍රම දෙකකි.
වායුගෝලීය ඔක්සිජන් හා තෙත් තීන්ත පටලයේ බහු අවයවික අණු අතර හරස් බන්ධන ඇති වේ. එමඟින් අණුක ජාලයක් නිර්මාණය වේ. මෙම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කිරීමට උත්ප්‍රේරක යොදයි. මේවා වියළිකාරක (Dryers) ලෙස හඳුන්වයි. මෙම උත්ප්‍රේරක මැංගනීස්, කොබෝල්ට්, ලෙඩ් හා සර්කෝනියම් සංයෝග වේ. කොබෝල්ට් හා ලෙඩ් සංයෝග විෂදායක නිසා එවැනි වියළිකාරක භාවිතය අඩු කිරීමට සිදුවී ඇත. ඇල්කිඩ් (Alkyd) තීන්ත වියළීම සිදුවන්නේ මේ ආකාරයට වායුගෝල ඔක්සිජන් මඟින් බහු අවයවික අණු අතර හරස් බන්ධන සෑදීමේ ක්‍රියාව නිසාය. මෙවැනි වියළි පටල නැවත කිසිම ද්‍රාවකයක් මඟින් දියකළ නොහැක.
ඇතැම් තීන්ත වර්ගවල දී බහුඅවයවික අණු අතර හරස් බන්ධන ඇති කිරීමට අවශ්‍ය සංරචක වෙනම ඇසුරුමක් ලෙස ඇත. තීන්ත ආලේප කිරීමට පෙර තීන්ත ද්‍රාවණයට අවශ්‍ය පරිදි එම දෙවන සංරචකය හොඳින් මිශ්‍ර කර ඉක්මනින් තීන්ත ආලේප කරයි.