රසායනික ප්‍රතික්‍රියා සිදු නොවී වියළීම
 තුනී තෙත් පටලයේ වූ ද්‍රාවකය ක්‍රමානුකූලව වාෂ්ප වේ. මේ නිසා ම බහුඅවයවික සාන්ද්‍රණය වැඩි වේ. බහුඅවයවික අණු අතර පරතරය අඩු වේ. බහුඅවයවික ළං වීම නිසා ඒවා අතර ඇති වන අන්තර් අණුක ආකර්ෂණ බල මගින් එම අණු එකිනෙක වඩාත් ළං වී රඳවා ගනී. එසේ ම එම අණු පෘෂ්ඨය සමඟ ආකර්ෂණ පවත්වා ගනිමින් පෘෂ්ඨයට ඇලී ගිය වියළි පටලයක් බවට පත් වේ. මෙම වියළි පටලය එම ද්‍රාවකය මඟින් නැවත දිය කළ නොහැකි ය.

නිදසුනක් ලෙස එමල්ෂන් තීන්තවල දී සිදුවන්නේ ජලය වාෂ්ප වී ගොස් එම බහුඅවයවික අණු එකිනෙක සමඟ අන්තර් අණුක ආකර්ෂණ බල මඟින් බැඳෙමින් වියළි පටලයක් නිර්මාණය කිරීමයි. නමුත් ජලය එක් කර මෙම වියළි තීන්ත පටලය නැවත දිය කළ නොහැකි ය. නමුත් වෙනත් කාබනික ද්‍රාවක මඟින් දිය කර දැමීමට හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017