මෙමඟින් වර්ණක අංශු පෘෂ්ඨයට බඳවා තබමින් වියළි පටලය නිර්මාණයක කිරීමට මූලික වේ. එනිසාම තීන්ත ද්‍රාවණයේ ඇති ප්‍රධානතම සංරචකය බැඳුම්කාරකයයි. මෙය බහු අවයවියක අණු එකිනෙක සම්බන්ධ වී ජාල ව්‍යුහයන් ගොඩ නගයි.
එම ජාල ව්‍යුහය මඟින් වියළි තීන්ත පටලය නිර්මාණය කරයි. එය පෘෂ්ඨය සමඟ ආකර්ෂණ බල ගොඩ නගා ගන්නා ද්‍රව්‍යයක් නිසා පෘෂ්ඨයට තදින් ඇලී පවතියි. එසේම එය වර්ණක අංශු සමඟ ද ආකර්ෂණ බල ගොඩනගා ගනියි. මෙනිසා බැඳුම්කාරකය වර්ණක අංශුන්ට ඇලෙන අතර ම පෘෂ්ඨයට ද ඇලෙමින් වියළි පටලයක් ගොඩනගයි.
බැඳුම්කාරකය ලෙසට බහුල ව යොදා ගන්නා බහුඅවයවිවික ද්‍රව්‍ය
1. ඇල්කිඩ් බහුඅවයවිවික
2. ඇක්‍රිලික් බහුඅවයවිවික
3. පොලියුරතේන් බහුඅවයවිවික
4. ඊපොක්සි බහුඅවයවිවික
5. පීනොලික් බහුඅවයවිවික
නිතරම සූර්යාලෝකයට නිරාවරණය වන පෘෂ්ඨවල ආලේප කරන තීන්ත නිපදවීමේ දී UV කිරණවලට ඔරොත්තු දෙන බහුඅවයවිවික ද්‍රව්‍ය යොදා ගත යුතු ය.