තීන්ත භාවිතයේ මූලික අරමුණු දෙකකි.
1. අලංකාරය සඳහා
2. ආරක්ෂාව සඳහා
විවිධ වර්ණක යොදා ගෙන අලංකරණය ලබාගත හැකි ය. එසේ ම තීන්ත පෘෂ්ඨයේ දිළිසීම ස්වභාවය හෝ අඩු දීප්තිය ඇති රළු ස්වභාවයක් ඇති කිරීම මඟින් අලංකාරය අවශ්‍ය පරිදි සංයුතිය සකසයි.
තීන්ත සංයුතියක් තීරණය කිරීමේ දී එය ආලේප කරන පෘෂ්ඨය පිළිබඳ අවබෝධය තිබිය යුතු ය. (ලෝහ පෘෂ්ඨයක ද, දැව පෘෂ්ඨයක ද, සිමෙන්ති පෘෂ්ඨයක ද යන වග) එසේ ම එම පෘෂ්ඨ නිරාවරණය වන පාරිසිරික තත්ත්ව පිළිබඳ නිසි ලෙස දත යුතු ය. නිදසුනක් ලෙසට මෙවැනි කරුණු කිහිපයක් දැක්විය හැකි ය.
1. නිතර සූර්යාලෝකයට නිරාවරණය වන පෘෂ්ඨ (ගොඩනැගිලිවල බාහිර බිත්ති පෘෂ්ඨය)
2. නිතර ලවණ සහිත ජලය සමඟ ගැටෙන පෘෂ්ඨ (නැව්)
3. නිතර ජලය සමඟ හෝ තෙතමනයට නිරාවරණය වන පෘෂ්ඨ (නාන කාමර බිත්ති)
4. ඉහළ උෂ්ණත්වවලට නිරාවරණය වන පෘෂ්ඨ (ඉහළ උෂ්ණත්වයට පත්වන යන්ත්‍ර සූත්‍ර හා ඒ ආශ්‍රිත කොටස්)
5. ඉහළ උෂ්ණත්ව හා පහළ උෂ්ණත්වවලට නිරාවරණය වන පෘෂ්ඨ (ගුවන් යානා පෘෂ්ඨ)
6. ඝර්ෂණයට ලක්වන පෘෂ්ඨ
7. තෙල්, ග්‍රීස් වැනි කාබනික සංයෝග සමඟ ගැටෙන පෘෂ්ඨ
8. වේගවත් සුළං ධාරාවට නිරාවරණය වන පෘෂ්ඨ (ගුවන් යානා පෘෂ්ඨය)