ක්‍රි.ව. 247-248 (පා.කා. අවු 01 යි)
දෙවැනි සිරිනාග රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍ර වූ විජයිඳු හෙවත් විජය කුමාරයා රජ වී එක් අවුරුද්දක් රාජ්‍ය කෙළේය.
ලම්බකර්ණ ගෝත්‍ර ඇති සංඝ තිස්‌සය, සංඝබෝධිය, ගෝඨාභය යන කුමාරයෝ තුන් දෙනෙක් මහියංගණ වෙහෙර සමීප රටින් අනුරාධපුරයට පැමිණ විජයිඳු රජහට සේවය කරමින් සිටියෝය. මඳ කලකින් සංඝතිස්‌ස තෙම සෙනෙවි ධුරයට පත්විය. අවකාශ ඇතිව විජයිඳු රජු රජගෙහිදීම ගෝඨාභය කුමරු ලවා මැරවීය. ඒ සංඝතිස්‌ස කුමාරතෙම ඉතිරි කුමාරයන් දෙදෙනා විසින් රාජ්‍යයෙහි අභිෂේක කරන ලද්දේය.
