මෙම සබන් අණුවක ඇති කාබන් පරමාණු ගණන 12, 14, 16 හා 18 ලෙසට වෙනස් වේ. පොල්තෙල්වල 52-44% පමණ ඇත්තේ ලෝරික් අම්ලය යි. එහි කාබන් පරමාණු 12කි. එයින් පරමාණු 11ම ජලභීතික වලිගය ආශ්‍රිතව ඇත. කාබන් පරමාණු 14 අඩංගු මිරිස්ටික් අම්ලය 14% ප්රමාණයකි.
පොල්තෙල්වල අඩංගු පාමිටික් අම්ල ප්‍රමාණය 8%කි. පාමිටික් අම්ලය කාබන් පරමාණු 16කි. කාබන් පරමාණු 18 ඇති ස්ටියරියක් අම්ල ප්‍රමාණය 3%කි. කාබන් පරමාණු 18 හා ද්විත්ව බන්ධනයක් ඔලෙයික් අම්ලයේ ඇත. එය 5-8% ප්‍රමාණයකින් පොල්තෙල්වල ඇත. එනිසා සබන් යනු මෙවැනි අම්ල මිශ්‍රණයක් නිසා සෑදුණු සෝඩියම් ලවණ මිශ්‍රණ වේ.
තෙල්වල වර්ණක හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට සක්‍රිය ෆුලර් (අ)ර්ත් (Activated fuller earth) ලෙස හඳුන්වන විශේෂ මැටි ද්‍රව්‍යයක් මතින් යවයි. එහි උෂ්ණත්වය 90 0C පමණ පවත්වා ගනී. මෙම තෙල්වල තිබිය හැකි මැටි අංශු ඉවත් කිරීමෙන් පසු සබන් නිෂ්පාදනය සඳහා යොදා ගනී. සබන් නිෂ්පාදනය අඛණ්ඩ ක්‍රියාවලින් (Continuous process) හෝ කාණ්ඩ ක්‍රියාවලියක් (Batch process) ලෙසට සිදු කළ හැකි ය.
කාණ්ඩ ක්‍රියාවලිය සාම්ප්‍රදායික ක්‍රමය යි. කාණ්ඩ ක්රියාවේ දී සියලු අමුද්‍රව්‍ය ප්‍රමාණය එක වර ප්‍රතික්‍රියා කුටීරයට එක්කර ප්‍රතික්‍රියාව වීමට ඉඩ සලසයි. ප්‍රතික්‍රියා කුටීරයට තෙල් එක්කර ක්‍රමයෙන් NaOH හෝ KOH එක්කර මින් ප්‍රතික්‍රියාව ආරම්භ කරයි. (Incubation period) මෙම ප්‍රතික්‍රියාව උදාසීනකරණ ප්‍රතික්‍රියාවක් නිසා තාපදායක වේ. තාපදායක ප්‍රතික්‍රියාව වේගයෙන් සිදුවීමත් සමඟ ඉතිරි NaOH හෝ KOH එකවර එක් කරයි. උෂ්ණත්වය අවශ්‍ය පරිදි පාලනය කිරීම වැදගත් ය.