සබන් සහ සේදුම්කාරක නිෂ්පාදනය
  සබන් නිෂ්පාදනයට ශාක තෙල් හෝ සත්ත්ව තෙල් භාවිත කරයි. ඇතැම් විට ශාක තෙල් හා සත්ත්ව තෙල් මිශ්‍ර කර භාවිත කරයි. සබන් නිෂ්පාදනයේ දී රසායනිකව සිදුවන්නේ කෝස්ටික් සෝඩා සමඟ ට්‍රයිග්සරයිඩ් ජලවිච්ඡේදන ප්‍රතික්‍රියාවක් (සැපොනීකරණය) සිදු වී ග්ලිසරෝල් හා කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ සෑදීමයි. මෙම ලවණ සබන් ලෙස හඳුන්වයි.

සබන් නිෂ්පාදනය ආශ්‍රිත ව ප්‍රධාන පියවර හතරකි.

1) සැපොනීකරණය
2) අතුරුඵලය වූ ග්ලිසරීන් ඉවත් කිරීම
3) සබන් පිරිපහදු කිරීම
4) නිමි සබන් බවට පත් කිරීම

සබන් අණුවක් සැලකූ විට කාබන් හා හයිඩ්‍රජන් පරමාණු අන්තර්ගත ජලභීතික වලිගයක් හා ජලකාමී හිසක් සහිත ප්‍රදේශ නම් කළ හැකි ය. ජලකාමී හිස ආශ්‍රිතව Na+ අයනය හා -COO- අයනික කාණ්ඩය ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017