ප්‍රතික්‍රියා කුටීරයට සම්බන්ධ කළ බට පදධතිය හා හැඩය
 වායුමය ඵල ඉවත් කිරීමට කපාට සහිත නළයක් සවිකර තිබීම හා ප්‍රතික්‍රියක පරිවහනයට ද කපාට සහිත නළ තිබීම ඉතා ම වැදගත් ය. සෑදෙන ඵලය ගුරුත්වය යටතේ ඉවත් කිරීමට හෝ පොම්ප කර ඉවත් කිරීමට නළ පද්ධතියක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ප්‍රතික්‍රියක සැපයීමට ක්‍රමවේදයක් ප්‍රතික්‍රියා කුටීරයේ තිබීමද මූලික අංගයන් ය.

නිෂ්පාදන ධාරිතාව, ප්‍රතික්‍රියාවේ වේගවත් බව, ප්‍රතික්‍රියාවේ තාපදායක හෝ තාප අවශෝෂක ස්වභාවය හා ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය ද නැතහොත් අප්‍රතිවර්ත්‍ය ද යන සාධක මත ප්‍රතික්‍රියා කුටීරයේ විශාලත්වය තීරණය වේ. ප්‍රතික්‍රියා කුටීරයේ හැඩය කෙරේ ද මෙම සාධකවලට අමතර ව ප්‍රතික්‍රියක හා ඵලවල භෞතික ස්වභාවයන් වැදගත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017