රසායනික කර්මාන්ත ආශ්‍රිත මූලික ක්‍රියා
 රසායනික කර්මාන්තයක් ආශ්‍රිතව මූලික ක්‍රියා (Unit operation) ගණනාවක් ඇත. තාර්කික අනුපිළිවෙළකට සම්බන්ධ වී ඇත්තේ බලශක්තිය පිරිමැසීමට, කාර්යක්ෂමතා වැඩි කිරීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට හා ඵලදායිතාව වැඩි කිරීමට ය. මූලික ක්‍රියා යනු භෞතික වෙනසක් හෝ රසායනික පරිවර්තනයක් සිදු වන පියවරකි. රසායනික කර්මාන්ත ආශ්‍රිතව මූලික ක්‍රියා ලෙසට දැකිය හැකි රසායනික පරිවර්තන සඳහා නිදසුන් කිහිපයක් පහත දක්වා ඇත.

1) තාප වියෝජනය (හුනුගල් පිළිස්සීම)
2) උදාසීනකරණය (සබන් නිෂ්පාදනයේ දී වැඩිපුර ඇති කෝස්ටික් උදාසීන කිරීම)
3) සැපොනීකරණය (සබන් නිෂ්පාදනයේ දී)
4) ඔක්සිකරණය (සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ල නිෂ්පාදනය)
5) හයිඩ්‍රජනීකරණය (මාගරින් නිෂ්පාදනය)
6) විද්‍යුත් විච්ඡේදනය (කෝස්ටික් සෝඩා නිපදවීම)

රසායනික කර්මාන්ත ආශ්‍රිතව වූ මූලික ක්‍රියා ලෙසට දැකිය හැකි භෞතික වෙනස් වීම් කිහිපයක් පහත දැක්වේ.

1) තාප හුවමාරු කිරීම (උෂ්ණත්වය වෙනස් වේ)
2) පොම්ප කිරීම (ගම්‍යතාව වෙනස් වේ)
3) ඇඹරීම/කුඩුකිරීම මගින් අංශුවල විශාලත්වය අඩු කිරීම)
4) පෙරීම
5) වියළීම (වයනය වෙනස් වේ)
6) කේන්ද්‍රාපසරණය (ඝනත්වය අනුව ස්තර වෙනස් වේ)
7) මිශ්‍ර කිරීම
8) ආසවනය
9) ස්ඵටිකීකරණය
10) තැන්පත් වීම
11) වාෂ්පීකරණය
(c) Shilpa Sayura Foundation 2006-2017