දෙවැනි කොටස
 රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට ඇමෙරිකානු ඩොලර්ර ට්‍රිලියන 3ක පමණ වෙළඳපොළක් ගෝලීය ව ඇති අතර ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ප්‍රමුඛ පෙළේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයන් වේ.

සෑම අවුරුද්දක ම ඇමරිකානු රසායනික ද්‍රව්‍ය කවුන්සිලය (American chemical council) මගින් එරට පමණක් නිෂ්පාදනය කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වාර්තා අනුව මුළු නිමැයුම් ප්‍රමාණය ඩොලර් බිලියන 750 ඉක්මවයි.

එරටේ දළ දේශීය නිෂ්පාදනයෙන් අඩකටත් වඩා සපුරන්නේ රසායනික කර්මාන්තවල නිෂ්පාදන වන අතර අතිරික්තය අනෙක් රටවලට විකුණයි. මීට අමතර ව බ්‍රසීලය, මෙක්සිකෝව, ජපානය, චීනය, කොරියාව වැනි රටවල් ද රසායනික ද්‍රව්‍ය වැළඳපොළේ ප්‍රමුඛයෝ වෙති. මෙහි දී වැදගත් කරුනු වන්නේ කර්මාන්ත වලට අවශ්‍ය සමහර ස්වභාවික ඛනිජ සම්පත් එම රටවලට නැති වුව ද එම ඛනිජ අනෙක් රටවලින් ආනයනය කර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකිරීමයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ද ප්‍රාග්ධනය ද, පුහුණු මිනිස් ශ්‍රමය ද ඔවුන් සතුව ඇති අතර එම නිෂ්පාදන අපනයනය කිරීම මඟින් එම රටවල් ඉහළ ආදායමක් උපයාගනී.

ලෝකයේ රසායනික කර්මාන්ත සමඟ සැසඳූ විට ශ්‍රී ලංකාවේ ඇත්තේ රසායනික කර්මාන්ත කීපයක් පමණී. බොරතෙල් පිරිපහදු කිරීම, සෙරමික් භාණ්ඩ පිඟන් ගඩොල්, ලුණු, සිමෙන්ති, වීදුරු නිෂ්පානය ඉන් සමහරකි.
(c) Shilpa Sayura Foundation 2006-2017