ලෝකයේ සිදුකෙරෙන නිෂ්පාදන අතරින් රසායනික කර්මාන්ත වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒවායේ නිෂ්පාදනවල ප්‍රයෝජන විවිධ වේ. රසායනික කර්මාන්ත ආශ්‍රිතව නිපදවන ඇතැම් රසායනික සංයෝග සෘජුවම නිමි භාණ්ඩ නිපදවීමට අර්ධ නිමි හෝ අතරමැදි වශයෙන් යොදා ගනියි. එයට අමතර ව කෘෂිකර්මාන්තයට, විවිධ නිෂ්පාදන හා සේවා සඳහා ද ගොඩනැගිලි සහ ඉඳිකිරීම්, පර්යේෂණාගාර සඳහා ද මෙම රසායනික ද්‍රව්‍ය භාවිත කරයි.
ලෝකයේ රසායනික කර්මාන්ත ආශ්‍රයෙන් ලැබෙන ප්‍රධාන නිෂ්පාදිත වන්නේ බහුඅවයවික සහ ප්ලාස්ටික් වර්ග වන අතර ඒවා මුළු නිෂ්පාදනයෙන් 80% පමණ වේ. මුළු නිෂ්පාදනයෙන් 6% පමණ පොහොර නිෂ්පාදන ලෙස සැලකෙන අතර මේ සඳහා පොස්පේට්, ඇමෝනියා සහ පොටැෂ් යන රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. ලෝකයේ රසායනික කර්මාන්ත ආශ්‍රිත නිමැවුම් පහත ලෙස වර්ග කළ හැකි ය.