ප්‍රතික්‍රියා තාපය
  ඔක්ටේන් - C8H18 හයිඩ්‍රොකාබනයේ 1g දහනය සලකමු. ඒ සඳහා තුළිත රසායනික ප්‍රිතික්‍රියාව ය මේ.

මෙම දහනය එකිනෙකට වෙනස් තත්ත්ව දෙකක් තුළ දී සිදුකරයි.
පළමු ආකාරය
මෙම භාජනයේ පිස්ටනය නිදහසේ ඉහළට චලය විය හැකි ය. ප්‍රතික්‍රියාව නිසා සෑදෙන වායුන් නිසා පිස්ටනය ඉහළට චලනය වේ.
දහනය නිසා නිපදවන ශක්ති ප්‍රමාණය ΔE නම්, ΔE = W1 + q1
W = පිස්ටනය මත සිදුකරන කාර්යය ප්‍රමාණය
q = පද්ධතිය විසින් පරිසරයට නිදහස් කරන ලද තාප ශක්තිය

දෙවන ආකාරය

දෙවන අවස්ථාවේ පිස්ටනය චලනය විය නොහැකි ය. එනිසා පද්ධතිය මගින් පිස්ටනය මත ක්‍රියාවක් සිදු නොකරයි. එම නිසා පරිසරය සමඟ ශක්ති හුවමාරු වන්නේ තාපය ලෙස පමණී.
ΔE = q2 W = 0, කාර්යයක් සිදු කොට නැත.

එකම ඉන්ධන ප්‍රමාණයක් දහනය කළ නිසා අවස්ථා දෙක සඳහා ΔE එක ම අගයක් විය යුතු ය. එනිසා අවස්ථා දෙක සැසදීමේදී පරිසරයට නිදහස් වූ ශක්ති ප්‍රමාණය මෙලෙස දැක්විය හැකි ය.
W1 + q1 = q2
(c) Shilpa Sayura Foundation 2006-2017