පද්ධති
 පද්ධතිය හා පරිසරය වෙන් වන්නේ මායිම මඟිනි. බල්බයේ පිටත මායිම ඉතා පැහැදිලිව පද්ධතිය හා පරිසරය යන කොටස් දෙක බෙදා දක්වයි. නමුත් නිදසුනක් ලෙස අපගේ වායුගෝලය පද්ධතිය ලෙස සලකන අවස්ථාවක වායුගෝලයේ මායිම නිශ්චිතව දැක්විය නොහැකි නිසා පද්ධතිය හා පරිසරය නිශ්චිත ලෙස ම බෙදා දැක්වීම අසීරු කරුණකි.

පද්ධතිය හා පරිසරය අතර ශක්ති හුවමාරුව පමණක් නොව පදාර්ථ හුවමාරුව ද සිදුවේ. එය පදනම් කරගෙන පද්ධති වර්ග තුනක් දැක්විය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017