කාර්යය (Work)
 කාර්යය යනු යම් දිශාවක් ඔස්සේ වස්තුවක් චලනය කරවනු පිණිස වෙනත් වස්තුවකින් සිදුවන ශක්ති සංක්‍රමණයයි.

නිදසුන් : නිවසේ භාවිත කරන එල්.පී. ගෑස් ටැංකියක් පොළොව මට්ටමේ පිහිටි අවස්ථාවක් සලකන්න. මෙහි ශක්තිය ඇති ආකාරය නම්,

a. එල්.පී. වායුවේ පරමාණුක සැලැස්ම නිසා ගැබ් වී ඇති විභව ශක්තිය
b. එල්.පී. වායු සිලින්ඩරය පිහිටීම අනුව ගැබ් වී ඇති විභව ශක්තිය. (පොළොව මට්ටමේ ඇති නිසා ස්ථානීය විභව ශක්තියත් ශුන්‍ය ලෙස උපකල්පණය කළ හැකි ය.)

බිම් මට්ටමේ ඇති එල්.පී. වායු සිලින්ඩරය ඔසවා මේසයක් උඩ තැබුවේ යැ යි සිතන්න. දැන් එල්.පී. වායු ටැංකිය සතුව ඇති ශක්ති ආකාර මොනවා ද?

a. එල්.පී. වායුවේ පරමාණුක සැලැස්ම නිසා ගැබ් වී ඇති විභව ශක්තිය.
b. එල්.පී. වායු ටැංකිය පොළොව මට්ටමෙන් ඉහළ ස්ථානයක ඇති නිසා ගැබ් වී ඇති විභව ශක්තිය.

මෙම ශක්ති වෙනසට හේතුව කවරක් ද? ඔබ එල්.පී. වායු ටැංකිය මත සිදුකළ කාර්ය ප්‍රමාය මීට හේතුවයි. ඔබ යම් ශක්ති ප්‍රමාණයක් එල්.පී. වායු ටැංකියට සම්ප්‍රේෂණය කළ නිසා මෙම ශක්ති වෙනස සිදුවිය. ඔබ විසින් ගුරුත්වයට විරුද්ධ බලයක් යොදා වායු ටැංකිය ඉහළ ස්ථානයකට ඔසවා තැබීම මෙහි දී කරන ලද කාර්යය ලෙස ඔබට හඳුනාගැනීමට හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017