ශක්තියේ ඒකක
  අන්තර්ජාතික වශයෙන් පිළිගත් ශක්තිය මනින සම්මත ඒකකය වන්නේ ජූල් (J) (Joule) ය.
1 Joule = 1 kg m2 s-2
ජූල් යනු කුඩා ශක්ති ප්‍රමාණයක් මැනීමට ගන්නා ඒකකයක් නිසා බොහෝවිට කිලෝජූල් (kJ) ශක්ති ඒකකය ලෙස යොදා ගැනේ. සමහර අවස්ථාවන් වල දී ශක්තිය මැනීමට කැලරි (Calorie, Cal) යන ඒකකය ද භාවිත කරයි.

කැලරි එකක් ආසන්න වශයෙන්, ජල ග්‍රෑම් එකක උෂ්ණත්වය එක් සෙල්සියස් අංශකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන වේ.

1 kCal = 1000 Cal = 4.184 kJ = 4184 J

මීට අමතර ව BTU (British Thermal Unit) සහ අශ්ව බල යන ඒකක ද සමහර අවස්ථාවල දී භාවිත කෙරේ. BTU ප්‍රධාන වශයෙන් වායු සමීකරණවල භාවිත කරන ශක්ති ප්‍රමාණය දැක්වීමට වර්තමානයේ භාවිත කරන අතර යන්ත්‍රවල ශක්ති ප්‍රමාණය දැක්වීමට අශ්වබල (HP) භාවිත කරයි.

1 BTU = 1055 J 1 HP = 735.49 J
(c) Shilpa Sayura Foundation 2006-2017