චාලක ශක්තිය
  වස්තුවක චලනය නිසා ගැබ් වී ඇති ශක්තිය චාලක ශක්තිය ලෙස දැක්විය හැකිය. වස්තුවක චාලක ශක්තිය පහත සමීකරණය ඇසුරින් ගණනය කළ හැකිය.

චාලක ශක්තිය = ½ mv2
m = ස්කන්ධය
v = වේගය

උදා : නිශ්චල පන්දුවක චාලක ශක්තිය ශුන්‍ය වේ. නමුත් චලනය වන පන්දුවක් සතුව චාලක ශක්තියක් පවතින අතර මෙය වස්තුවේ ස්කන්ධය හා වේගය මත රඳා පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017