විභව ශක්තිය (Potential Energy)
  යම්කිසි වස්තුවක් පවතින ස්ථානය අනුව ගැබ්ව ඇති ශක්තිය විභව ශක්තිය ලෙස දැක්විය හැකිය.

පහත සමීකරණය භාවිතයෙන් යම්කිසි ස්ථානයක පවතින වස්තුවක විභව ශක්තිය සෙවිය හැකිය.

විභව ශක්තිය - mgh
m = ස්කන්ධය
g = ගුරුත්වජත්වරණය
h = විභව ශක්ති ශුන්‍ය මට්ටමේ සිට සිරස් උස

ජල විදුලි බලාගාරයක ටර්බයිනයට ඉහළින් පිහිටි ජලාශයේ ගබඩා කොට ඇති ජලයේ විභව ශක්තිය ගැබ් වී ඇත. මෙම විභව ශක්තිය විද්‍යූත් ශක්තිය බවට පරිවර්තනය කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017