ශක්තිය යනු කුමක් ද?
 එදිනෙදා සෑම අවස්ථාවක ම විවිධ ශක්ති ප්‍රභව භාවිත කළ ද "ශක්තිය" යන්න අර්ථ දැක්වීම තරමක් අසීරු ය. ශක්තිය (E) යනු බලයක් යෙදීම මඟින් වස්තුවක් චලනය කිරීම වැනි කාර්යයක් කිරීමට ඇති හැකියාව හෝ තාපය නිපදවීමට ඇති හැකියාව ලෙස සරල ව නිර්වචනය කළ හැකි ය.

ශක්තියේ ඇති ප්‍රධාන ම ලක්ෂණය වන්නේ ශක්තිය විනාශ කිරීමට හෝ මැවීමට නොහැකි වීමයි. ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට පරිවර්තනය කළ හැකිය. සමස්ත විශ්වයේ අඩංගු ශක්ති ප්‍රමාණය නියතයක් යන්න සිතීම මෙය වටහා ගැනීමේ තවත් ක්‍රමයකි.

විශ්වය පවතින තෙක් ම ඇත්තේ එය ආරම්භයේ එහි අඩංගු වූ ශක්ති ප්‍රමාණය ම වේ. චාලක ශක්තිය (Kinetic Energy) හා විභව ශක්තිය (Potential Energy) ලෙස ප්‍රධාන කොටස් දෙකකට ශක්තිය බෙදා දැක්විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017