කර්මාන්ත ක්ෂේත්රයේ දී ප්‍රෝටීන වන එන්සයිම බහුල ව භාවිත වේ. ඇතැම් කර්මාන්ත ක්‍රියාවලි, සාමාන්‍ය උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී සිදු කිරීම සඳහා එන්සයිම උපයෝගි කර ගැනේ. එමඟින් එම ක්‍රියාවලි වලට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය හා මිල අධික උපකරණ භාවිත කිරීමේ අවශ්‍යතාව ද අඩු කරයි.