ප්‍රෝටීනවල ජෛව විද්‍යාත්මක වැදගත්කම
 ප්‍රෝටීනවල ජෛව විද්‍යාත්මක භාවිත රාශියකි

1. එන්සයිම උත්ප්‍රේරක වශයෙන් යෙදේ.

2. ප්‍රෝටීන වාහක අණු ලෙස (උදා: ඔක්සිජන් වාහකයක් ලෙස හිමොග්ලොබින් ක්‍රියාකරයි) ක්‍රියාකරයි. එසේ ම ශක්තිය ගබඩා කිරීමට සහය වන අණුවක් ලෙස ද ක්‍රියාකරයි. (උදා: අක්මාවේ යකඩ තැන්පත් වන්නේ කෙරටින් නම් ප්‍රෝටීනය සමඟ එකතුව සාදන සංකීර්ණයක් ලෙසිනි.)

3. සිරුරේ චලන සිදු කිරීමේ දී ප්‍රෝටීන භාවිත වේ. (මාංශ පේශිවල ප්‍රධාන සංඝටකය ප්‍රෝටීනයි)

4. යාන්ත්‍රික ආධාරක ලෙස ක්‍රියාකරයි. (තන්තුමය ප්‍රෝටීනයක් වන කොලැජන් අස්ථි නිර්මාණයට දායක වී ඇත.)

5. සම, නියපොතු හා හිසකෙස් ද ප්‍රෝටීනවලින් සමන්විත ය.

6. සංවේදන ලබාගන්නා ඉන්ද්‍රියවල පිහිටි සීලවල සුවිශේෂ ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන සම්බන්ධ වේ.

7. ප්‍රතිශක්තිකරණය මඟින් ආරක්ෂාව සැලසීමට දායක වන ප්‍රතිදේහ ද ප්‍රෝටීන විශේෂ වේ.

8. වර්ධනය පාලනය කිරීමට හා සුවිශේෂ ක්‍යත්‍ය සඳහා සෛල නිර්මාණය කිරීමට ද ප්‍රෝටීන භාවිත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017