කාබොහයිඩ්‍රේටවල කාර්මික භාවිත
  ජෛව ඉන්ධන

ශාක ද්‍රව්‍යවලින් නිපදවා ගත හැකි ඕනෑම ඉන්ධනයක් ජෛව ඉන්ධන ලෙස හැඳින්වේ. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී සූර්ය ශක්තිය ශාක මඟින් රසායනික ශක්තිය බවට පත්කර (කාබොහයිඩ්‍රේට ලෙස) ගබඩා කෙරේ.

මෙම රසායනික ශක්තිය ද්‍රව ඉන්ධන බවට පත්කිරීම ජෛව ඉන්ධන නිපදවීමේ දී සිදුවේ. තිරිඟු, බඩ ඉරිඟු, උක්, සෝයා බෝංචි ආදිය ජෛව ඉන්ධන නිපදවීම සඳහා භාවිත කෙරෙන ප්‍රභව සඳහා නිදසුන් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017