පොලිසැකරයිඩවල වැදගත්කම
  පිෂ්ටය : ශාක තුළ ශක්තිය ගබඩා කෙරෙන්නේ පිෂ්ටය නැමැති පොලිසැකරයිඩ ආකාරයෙනි. සතුන් තුළ ශක්තිය ගබඩා කෙරෙන්නේ ග්ලයිකොජන් ආකාරයටයි.

ආහාරමය තන්තු : ආහාර ජීර්ණ පද්ධතියෙ ජීර්ණය නොවෙන ආහාරයේ අඩංගු සංරචක, මෙනමින් හැඳින්වේ. මෙම සංරචකය මළ බද්ධය වළක්වමින් අන්ත්‍රවල යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉවහල් වේ.

සෙලියුලොස්, හෙමියුලෝස්, පෙක්ටින් ආදී පොලිසැකරයිඩ ආහාරමය තන්තුවල අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, රුධිරයේ සීනි හා කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම ආහාරමය තන්තුවලින් ඉටු කෙරෙන ඉතා වැදගත් කටයුතු දෙකකි.

කයිටීන් : ග්ලුකෝස් ව්‍යුත්පන්නවලින් සෑදුණු බහු අවයවික වර්ගයක් වන කයිටීන් ස්වභාවික ලෝකයේ බොහෝ තැන්වල හමුවේ. දිලීර සෛල බිත්තියේ හා කෘමීන්ගේ හා ආත්‍රොපෝඩාවන්ගේ (ඉස්සන්, කකුළුවන්) බාහිර සැකිල්ලේ අන්තර්ගත කයිටීන් නිදසුන් ලෙස දැක්විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017