ඩයිසැකරයිඩවල වැදගත්කම
  මෝල්ටෝස් : "මෝල්ට් සීනි" නමින් ද හඳුන්වයි. ප්‍රරෝහණය වන ධාන්‍යවලින් (බාර්ලි වැනි) නිපද වේ.

ලැක්ටෝස් : කිරිවල අන්තර්ගත සීනි වර්ගයයි. එළකිරිවල 5% ක් පමණ ද මව් කිරිවල 7% ක් පමණ ද ලැක්ටෝස් අන්තර්ගත ය. චීස් නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මෝරුවල ද ලැක්ටෝස් අඩංගු ය.

සුක්‍රෝස් : සීනි වශයෙන් නිතර භාවිත කරන්නේ මෙම සීනි වර්ගයයි. සුක්‍රෝස් රත් කිරීමෙන් අනතුරුව කැරමල් බවට පත් වේ. ආම්ලික තත්ත්ව යටතේ සුක්‍රෝස් ජල විච්ඡේදනය කිරීමෙන් පරිවර්තන සීනි (Invert sugar) සාදයි. පරිවර්තන සීනි ග්ලුකොස් හා ප්‍රක්ටෝස්වලින් සමන්විත වන අතර අධික පැණි රසින් යුක්තය. ඇඹුල් රසැති පලතුරු වලින් සාදන ජෑම්, ජෙලි ආදියෙහි ද පරිවර්තන සීනි භාවිත කරයි.

ඉහත සඳහන් ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ප්‍රක්ටෝස්, සුක්‍රෝස්, මෝලිටෝස්, ලැක්ටෝස් යන සීනි පැණි රසින් යුතු වන අතර ජීර්ණ එන්සයිමවලින් ජල විච්ඡේදනයට ලක් කර ශක්තිය නිපදවිය හැකි ය. සීනි මෙන් ම හෝ ඊටත් වඩා පැණි රසින් යුතු වන නමුත් ආහාර ජීර්ණ එන්සයිම මඟින් ජල විච්ඡේදනයට ලක් නොවන බැවින් ශක්තිය නිපදවන්නේ නැති සංයෝග ද ඇත.

ඒවා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ගේ හා අධික ස්ථුලතාවෙන් පෙළෙන්නන්ගේ ආහාර රස ගැන්වීමට යොදා ගැනෙයි. සොර්බිටෝල්, මැනිටෝල්, ලැසිටිටෝල් ආදී සංයෝග මේ සඳහා නිදසුන් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017