ජෛවාණු හඳුනාගැනීමේ පරීක්ෂා
  සරල සීනි හඳුනාගැනීමේ පරීක්ෂාව

අවශ්‍ය ද්‍රව්‍ය : බෙනඩික්ට් ද්‍රවණය, පරීක්ෂණ නළ, අර්තාපල් යුෂ රතුළූණු යුෂ, ග්ලූකෝස් ද්‍රාවණයක්, පාන්පිටි ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක්, මී පැණි, ආසූත ජලය

ක්‍රමය :
* පරීක්ෂණ නළ 7ක් ගෙන ඒවා අංක 1 සිට 7 දක්වා අංකයනය කරන්න.
* පහත වගුවේ පරිදි අංකනය කර ඇති ආකාරයට ඔබ සපයා හත් ද්‍රව්‍ය වලින් බිංදු 10 බැගින් වෙන වෙන ම අංක කළ පරීක්ෂණ නළවලට එකතු කරන්න.
* බෙනඩික්ට් ද්‍රාවණයෙන් 2 ml බැගින් සෑම නළයකට ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
* සියලු ම පරීක්ෂණ නළ නටන ජලය අඩංගු තාපාංකයක විනාඩි 03 ක් පමණ තබා රත් කරන්න.
* වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න.
* විනාඩි 03 න් පසුව පරීක්ෂණ නළ ඉවතට ගෙන කාමර උෂ්ණත්වයට සිසිල් වීමට තබා පරීක්ෂණ නළවල වර්ණ විපර්යාසය නිරීක්ෂණ කරන්න.
* නිරීක්ෂණ වගුගත කරන්න.


බෙනඩික්ට් ද්‍රාවණය නිල් පැහැතිය. බෙනඩික්ට් පරීක්ෂාවේ දී සිදු කරන්නේ සරල සීනි කොපර් අයන සමඟ ප්‍රතික්‍රියා කිරීමයි. 

මෙම පරීක්ෂාවේ දී කොළ පැහැති ද්‍රාවණයක් ලබා දෙයි නම් සරල සීනි ස්වල්පයක් අඩංගු බවත්, 
ගඩොල් රතු පැහැති ද්‍රාවණයක් ලැබේ නම් සරල සීනි වැඩිපුර අඩංගු බවත් නිගමනය කළ හැකි ය. මූත්‍රවල අඩංගු ග්ලූකෝස් පරීක්ෂා කිරීමට ද මෙම පරික්ෂාව යොදා ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017