විටමින්
  විටමින් යනු කාබනික සංයෝග වේ. මේවා සියලු ජීවීන්ට අත්‍යවශ්‍ය පෝෂක වේ. නමුත් අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණවලිනි. ආහාර මඟින් ශරීරයට අවශ්‍ය විටමින් ලබා ගනී.

ජීවීන්ගේ වර්ධනය හා විකසනයට වැදගත් වන ජෛව රසායනික ක්‍රියාවලියට විටමින් ඉතා වැදගත් වේ. ශරීරයට ලැබෙන විටමින් ප්‍රමාණය අඩුවීම නිසා විවිධ ඌනතා රෝග ඇති වේ.

ඇතැම් විටමින් ජල ද්‍රාවන වන අතර ඇතැම් විටමින් මේදවල ද්‍රාවන වේ. මේ අනුව විටමින් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කර ඇත.

මේදවල ද්‍රාව්‍ය විටමින් - A, D, E, K
ජලයේ ද්‍රාව්‍ය විටමින් - B, C යනුවෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017