අසංතෘප්ත මේද අම්ල
ලිනොලෙයික් අම්ලය - C18 H32 O2
C5H11 -CH=CHCH2 -CH=CH(CH2)7 COOH
ලිනොලෙනික් අම්ලය - C18H30O2
C2H5CH=CHCH2CH=CHCH2CH=CH(CH2)7COOH
සංතෘප්ත මේද අම්ල
ලෝරික් අම්ලය - CH3(CH2)10COOH
මිරිස්ටික් අම්ලය - CH3(CH2)12COOH
පාමිටික් අම්ලය - CH3(CH2)14COOH
මේද අම්ලවල හා ලිපිඩවල ගුණය ඒවායේ සංතෘප්ත / අසංතෘප්ත බව මත කැපී පෙනෙන ලෙස වෙනස් වේ. එකම C පරමාණු ගණනක් සහිත සංතෘප්ත මේද අම්ලයේ ද්‍රවාංකය අසංතෘප්ත මේද අම්ලයට වඩා වැඩිය. C - 18 ක් සහිත සංතෘප්ත මේද අම්ලයක් වන ස්ටියරික් අම්ලයේ ද්‍රවාංකය 69.6 0C වන අතර එම කාබන් ගණන ම සහිත එක් ද්විත්ව බන්ධනයකින් යුතු ඔලෙයික් අම්ලයේ ද්‍රවාංකය 13.4 0C කි. ද්විත්ව බන්ධන දෙකක් සහිත C - 18 කින් යුතු මේද අම්ලයේ ද්‍රවාංකය මීටත් වඩා පහළ අගයක් ගනී.
බොහෝ සත්ත්ව ප්‍රභවවලින් නිපදවෙන මේදවල පවතින මේද අම්ල සියල්ල සංතෘප්ත තත්ත්වයේ පවතී. ඒවායේ හයිඩ්‍රොකාබන දාම සමීප ව ඇහිරී පවතින බැවින් කාමර උෂ්ණත්වයේ දී ඝන අවස්ථාවේ පවතී. බොහෝ ශාක ප්‍රභවවලින් ලබාගන්නා තෙල්වල අඩංගු මේද අම්ල දාම සැමවිට ම ඇහිරී නොපවතින අතර එයට හේතුව ඒවා ද්විත්ව බන්ධන කිහිපයක් සහිත අසංතෘප්ත හයිඩ්‍රොකාබන දාම සහිත වීමයි.