ජෛව දේහ තුළ පවතින මේද අම්ලවල කාබන් පරමාණු සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඉරට්ටේ සංඛ්‍යාවකි. එම සංඛ්‍යාව වැඩි වශයෙන් 1 සිට 24 දක්වා අගයකි. මේද අම්ලවල හයිඩ්‍රොකාබන දාමය සංතෘප්ත, එනම් C-C ද්විත්ව බන්ධන රහිත හෝ අසංතෘප්ත, එනම් C-C ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් සහිත වේ.
නිදසුනක් ලෙස C-18 ක් සහිත මේද අම්ලය වන ස්ටියරික් අම්ලයේ 18:0 ලෙස අංකනය කෙරෙන ද්විත්ව බන්ධන රහිත ආකාරය හා 18:2 ලෙස අංකනය කෙරෙන ද්විත්ව බන්ධන දෙකක් සහිත ආකාරය දැක්විය හැකිය.
නිදසුනක් ලෙස C-18 ක් සහිත මේද අම්ලය වන ස්ටියරික් අම්ලයේ 18:0 ලෙස අංකනය කෙරෙන ද්විත්ව බන්ධන රහිත ආකාරය හා 18:2 ලෙස අංකනය කෙරෙන ද්විත්ව බන්ධන දෙකක් සහිත ආකාරය දැක්විය හැකිය.