ට්‍රයිග්ලසරයිඩ්
  ජෛව දේහ තුළ ශක්තිය ඒකරාශි කර ගබඩා කෙරෙන ප්‍රධාන ආකාරයයි. මෙය නිර්මාණය වී ඇත්තේ ග්ලයිසරෝල් අණුවක් හා මේද අම්ල අණු තුනක් එකිනෙක සම්බන්ධ වීමෙනි.

ග්ලයිරෝල් යනු කාබන් පරමාණු තුනක් හා හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තුනක් සහිත ඇල්කොහොලකි. මේද අම්ලයක් යනු දිගු හයිඩ්‍රොකාබන දාමයක අග්‍රයට -COOH කාණ්ඩයක් සම්බන්ධ වූ කාබොක්සිලික් අම්ලයකි. ග්ලයිරෝල් අණුවක් මේද අම්ල අණු තුනක් සමඟ එස්ටරීකරණය වීමෙන් ට්‍රයිග්සරයිඩ් සෑදී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017