එන්සයිම
  මෙය උත්ප්‍රේරක ගුණ පෙන්වන ප්‍රෝටීන වර්ගයකි. එන්සයිම ඒවාට සුවිශේෂි වූ රසායනික ප්‍රතික්‍රියා පමණක් උත්ප්‍රේරණය හෝ පාලනය කරයි. මෙසේ එන්සයිම සමඟ ජීව රසායනික ප්‍රතික්‍රියාවට සහභාගි වන අණු හෝ කාණ්ඩ උපස්තර (substrate) ලෙස හැඳින්වේ.

එනම්, එක් එක් එන්සයිමය සමග ක්‍රියා කරන උපස්තර ඒ ඒ එන්සයිමයට විශේෂ වේ. එන්සයිම ජෛව රසායනික ප්‍රිතික්‍රියාවක් සිදු කිරීමට අවශ්‍ය සක්‍රියන ශක්තිය (activation energy) අඩු කිරීම මගින් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කරයි. සක්‍රියන ශක්තිය යනු ප්‍රතික්‍රිඋක ඵල බවට පත් කිරීමට ලබාදිය යුතු අවම ශක්තියයි.

සමහර රසායනික ද්‍රව්‍ය ප්‍රිතික්‍රියා කිරීමට ඉහළ උෂ්ණත්වයක් (100-200 0C) අවශ්‍ය ය. නමුත් එම ප්‍රතික්‍රියා ශරීරය තුළ දී සිදුවන විට අඩු උෂ්ණත්වයක දී (37 0C) සිදුවන්නේ එන්සයිමවල ක්‍රියාකාරිත්වය නිසාය.
(c) Shilpa Sayura Foundation 2006-2017