තෘතියික ව්‍යුහය
 ප්‍රෝටීනයේ ත්‍රිමාණයේ පිහිටීම තෘතියික ව්‍යුහය මඟින් නිරූපණය වේ. ප්‍රෝටීනයක ප්‍රධාන දාමයේ ඈතින් පිහිටි කොටසක් අතර බන්ධන හට ගැනීමෙන් ද්විතියික ව්‍යුහය (secondary structure) නැමී, ඇඹරී, උපරිම ස්ථායිතාවක් ලැබෙන පරිදි ගෝලිකා හැඩැති ගෝලිය තෘතියික ව්‍යුහය සෑදේ. එනම් දිගු ප්‍රෝටීන දාමවල එකිනෙක බොහෝ ඈතින් පිහිටි සංඝටක ඇමයිනෝ අම්ල එකිනෙක හා ආකර්ෂණය වීමෙන් මෙම බන්ධන හටගනී.

නිදසුනක් ලෙස දාමයක තුන්වන ඇමයිනෝ අම්ලය එම දාමයේ 53 වන ඇමයිනෝ අම්ලයට සම්බන්ධ කෙරෙන පරිදි ගෙන එනු ලබන්නේ තෘතියික ව්‍යුහයයි. තෘතියික ව්‍යුහය නිසා ප්‍රෝටීනවලට ගෝලිකා ආකාරයේ හැඩයක් ලැබෙන අතර මේවා ගෝලිකා (Globular) ප්‍රෝටීන ලෙස හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017