ප්‍රාථමික ව්‍යූහය
 

මින් දැක්වෙන්නේ අදාළ ඇමයිනෝ අම්ල රේඛීය ප්‍රෝටීන දාමයට සම්බන්ධව පවතින අනුපිළිවෙළයි. මෙය ප්‍රෝටීනයේ කොඳු නාරටිය (backbone) ලෙස ද හැඳින්වේ. 

නිදසුනක් ලෙස ප්‍රෝටීනයක් නිර්මාණය වී ඇත්තේ (Alanine) ( A), (Valanine) (V) හා Tyrosine (T) යන ඇමයිනෝ අම්ලවලින් යැයි සලකන්න. එවිට මෙම අම්ල තුන එකිනෙක හා සම්බන්ධ විය හැකි එකිනෙකට වෙනස් ආකාර හයක් පවතී.

මෙම ආකාර හයේදී ම ලැබෙන ප්‍රෝටීන එකිනෙකට වෙනස් වේ. එනම් ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය ද, අවකාශයේ ඒවායේ පිහිටීම ද එකිනෙකින් වෙනස් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017