පෙප්ටයිඩ බන්ධනය
  ප්‍රෝටීන නිර්මාණ වීමේ දී සිදුවන්නේ එක් α - ඇමයිනෝ අමිලයක කාබොක්සිල් කාණ්ඩය සමඟ තවත් α - ඇමයිනෝ අම්ල අණුවක -NH2 කාණ්ඩය සම්බන්ධ වෙමින් ජල අණුවක් ඉවත්වීමයි. එසේ හටගන්නා ඒමයිඩ බන්ධනය පෙප්ටයිඩ් ලෙස හැඳින්වේ.

ඇමයිනෝ අම්ල අණු යපගලයක් සංඝටණය වීමෙන් ඩයිපෙප්ටයිඩක් සෑදේ. අම්ල අණු වැඩි ගණනක් සම්බන්ධ වීමෙන් පොලිපෙප්ටයිඩ සෑදේ. කෙටි පෙප්ටයිඩ් දාම පොලිපෙප්ටයිඩ ලෙස ද දිගු දාම ප්‍රෝටීන ලෙස ද හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017