ඇමයිනෝ අම්ල අණුවක කාබොක්සිලික අම්ල කාණ්ඩය කාබොක්සිලේට් අයන (COO-) ලෙස ද ඇමයිනෝ කාණ්ඩය ඇමෝනියම් (-NH3+) අයන ලෙස ද පවතින විට ඒවා ද්වි ධ්‍රුව (dipolar) අණු වශයෙන් පවතී. මෙම ද්වි ධ්‍රුව අණු ස්විටර් අයන (zwitter ion) ලෙස ද හඳුන්වනු ලැබේ.
බැක්ටීරියාවේ සිට මානවයා දක්වා සියලු ජීවී දේහ තුළ පවතින ප්‍රෝටීන නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් මෙම ඇමයිනො අම්ල 20 හි විවිධ සංකලන ඇසුරිනි. මෙම ඇමයිනො අම්ල 20 හි අඩංගු -R කාණ්ඩය ප්‍රමාණයෙන්, හැඩයෙන්, ආරෝපණයෙන් හයිඩ්‍රජන් බන්ධන සෑදීමට ඇති හැකියාවෙන් හා රසායනික ක්‍රියාකාරිත්වයෙන් එකිනෙකින් වෙනස් වේ.
R කාණ්ඩය H වලින් ආදේශ වූ විට එම ඇමයිනො අම්ල ග්ලයිසීන් ලෙස හැඳින්වේ.