ඇමයිනෝ අම්ල නැමැති කුඩා අණුවලින් සැදි ජෛව බහුඅවයවික ප්‍රෝටීන් නම් වේ. ප්‍රෝටීන්වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් අන්තර්ගත ය. මීට අමතරව ඇතැම් විට සල්ෆර් ද අඩංගු ය. ප්‍රෝටීනවල සාපේක්ෂ අණුක ස්කන්ධය 6000-250,000 පමණ පුළුල් පරාසයක පවතින බැවින් ඒවා අතිවිශාල අණු වේ.