වඩාත් ම වැදගත් හා පුළුල් ලෙස භාවිත කෙරෙන කාබෝහයිඩ්‍රේටය වන්නේ ග්ලූකෝස් ය. ශක්තිය ගබඩා කිරීම පිණිස ශාක විසින් ප්‍රභාසංස්ලේෂණය මඟින් ග්ලූකෝස් නිපදවන අතර සෛලීය ශ්වසනයේ දී ශක්තිය නිදහස් කිරීම සඳහා ග්ලූකෝස් බිඳ හෙළයි. බොහෝමයක් ආහාර ද්‍රව්‍යවල ග්ලූකෝස් පවතින අතර පලතුරු හා මී පැණිවල ග්ලූකොස් බහුලව පවතී.
ශාක, සත්ත්ව හා බැක්ටීරියා දේහ තුළ සිදුවන බොහොමයක් රසායනික ප්‍රතික්‍රියා ග්ලූකෝස් හරහා සිදුවේ. නිදසුන් ලෙස ප්‍රක්ටෝස් හා ගැලැක්ටෝස් යන C-6 සහිත වෙනත් මොනොසැකරයිඩ ග්ලූකෝස් බවට පරිවර්තනය වීම හෝ ග්ලූකෝස්වලින් සංශ්ලේෂණය වීම දැක්විය හැකිය. මේද හා ප්‍රෝටීන පවා ග්ලූකෝස්වලින් සංශ්ලේෂණය කිරීමට හෝ ග්ලූකෝස් බවට පත් කිරීමට හෝ හැකි ය.